Thursday, January 15, 2015

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee)

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee)

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නලවන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි..//

සුමුදු වදන් සවනත පාවේ
බිළිදු ඔබේ තුරුලේ සැතපේ...//
ලෝකය බිහි කළ මවුනි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳියි

හිරු විකසිත වී..

හද මඩලේ සෙනෙහස් කදුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ..//
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී..


ගීතය ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස් (Asanka Priyamantha peiris)

0 comments :

Post a Comment