හිරු කිරණ පෙරූ
තුරු වියන ලෙසේ
දා කඳුළු පෙරූ
මහ දිරිය ඔබේ
මහ මෙරුව ලෙසේ
පිදු සෙනෙහෙ ඔබේ
ලියනෙම්ද මෙසේ
පන්හිදින් කෙසේ
දුරු කතර ගෙවා
මුළු සසර පුරා
මා ඔබම පතා
ආ බවම සිතා
ඔබෙ දොත පුදා
මට වාරූ දෙවා
ලොව කිරුළු පුදා
අභිෂේක කළා
හද සිහින විමන්
ලග පැතුම් පුදා
නෙතු පහන් එළිය
ගෙන එකළු කරන්
පිතු සෙනෙහෙ ඔබේ
මා හටම පුදන්
ලඟ රැදුනු පිනෙන්
බුදු වෙනවා නිතින්...!
-----නයා-----
0 comments :
Post a Comment