දිදුලන නෙතුමත නොමැකෙන සෙනෙහස
පිදු ඒ හදවත මිහිමත උත්තම
ඉද විද දුක් ගග රකිමින් බඹ ගුණ
මව්පිය සෙනෙහස නිමි නැත කිසි දින
සෙවිලි කළ පිදුරු ගේ නොමැත දුක පැතිරැණේ
හැලි වලන් පරණ මුත් රසය නැත අඩුවුනේ
හාමතේ ඇද වැටුනු නුඹ දැකයි දුක් උනේ
නුඹ නොකා ඇයිද නුඹ අපේ බඩ පිරවුවේ
වෛවර්න දුක් පැමිණ ඔබ අසල ගැවසුනා
විටෙක දෑතම තබා හිස විඩා නැතිකලා
රීදිවන් හිරු රැසින් මම ලොවම දිනුව දා
රැකගනිමි මගේ පණ නුඹ දෙදෙන මයි සිතා
... නයාගේ වැඩක්....
0 comments :
Post a Comment