මාරුතය නුඹ - කරන කරදර
ගන්න ඉවසා - බැරිම තැන මිස
සිඹින්නට නොව - ආවෙ වෙරළට
නොආ බැරිකම - කමට අසරණ
දෙස් දෙවොල් වුව - තියා නුඹ මට
සැඩපරුෂ ලෙස - තියා මෙහි මා
රැගෙන කුදලා - ආව කරුමෙට
වන්දි ගෙවනේ - තනිව මා අද
දුව පනින පුංචි උන් - පෙළයි මා දඬුවමින්
පාගමින් මගේ ගත - නොකල වරදකට අද
මාරුතය නුඹ නිසා - තවම මා දුක් විඳී
වරද මා පිටම දා - නුඹ ඔහේ හමා යයි.
... නයාගේ වැඩක්....
... නයාගේ වැඩක්....
0 comments :
Post a Comment