Monday, December 22, 2014

ඇඳිවතද දන්දෙමින්

සළකමින් කළගුණය
පෙර සිටිය  සැකිල්ලට
ඇඳිවතද දන්දෙමින්
නිදහස්ව පාවෙමින්

නොනැවතුණු තන්හාව 
ආයෙමත් ඇතිකරන්
මම කියු නම වෙනස්
කරගමින් ඉපදෙමින්

මිටි මොළව අත් දෙකම 
හිස් බවින් පුරවමින්
එකම මඟ එකම ලෙස
වෙස්මාරු කරගමින්

ආශාව තණ්හාව
හදමලට ලන්කරන්
සැරිසරන අපි කෙසේ 
නවතිම්ද මෙහි ඉතින්..?


-    නයා    -

0 comments :

Post a Comment