තනිය නොතනිය කියාගනු බැරි
කණසමක මා තනිවෙලා
මේ කුළුද අඳුරින් වැසෙනවිට
සිහින් එළියක් බැබලුණා
සිතේ තනිකම කඳුළු බිදුහෙම
විඟසින්ම නැතිවී ගියා
නුඹේ තේජස් සිනා එළියෙන්
මගේ වත වුව දිදුළුවා..
දිවාකර නැති තරකපති නැති
මොහොතකදි මට ලංවෙලා
පුංවි එළියත් අරන් ආවද
විලස තරුවක් පායලා
සත්තකින් ඔය ප්‍රභා රශ්මිය
නුඹේ මයි මම සිතුවදා
හැගුනේ නෑ මට නුඹද හිරුගෙන්
යැපෙන තව කෙනෙකුන් කියා
... නයාගේ වැඩක්....
0 comments :
Post a Comment