අනෝරා වැහි වැටී දසතින් අදුර වැටෙනා රෑ පුරා
ගතම වෙව්ලන සිසිල පරදා තුරුළු කර ලඟ මා රඳා
කොහේදෝ සිට පැමිණි කෙනෙකුන් දුහුල් සළුවෙන් මා ඔතා
නුඹෙන් උදුරා අහිංසක අප වෙන් කරන්නට සැරසුනා
සැර පරුෂ ලෙස ගොරව ගොරවා මා නුඹට ලන් කරගෙන
සිටිය මුත් නුඹ බියවුනා ඒ පිරිස වටවූ විලසට
නුඹේ සියුමැලි වතම සෝදා මා මුවග රැදි දියබිද
ලුණූ රසක් සේ පමණමයි මට හැගවුනේ ඒ මොහොතෙම
පිළුණු වී ගිය කෑම පරදා මියුරු රසයක් ඇතිවුනා
මඩ කඩිත්තේ වතුර වෙනුවට සුපිරිසුදු දිය එක්වුනා
කඩ පිලේ වූ සෙවන නිමවී දිව්‍ය විමනක් ලංවුනා
නමුදු හදවත අඩුවකින් සෑම වෙලාවේදීමි පසුවුනා
තත්පරද පැය දිනගනන් හා සති මාස ගතවී ගෙන
ලොම් වැඩී ගත දිදුලමින් මා හඬද විපරිත වී ඇත
මිදී සුරතල් කෙළිදොලින් මට තනිව ඉන්නට වී ඇත
නමුදු මා හට දැනුණු අඩුවේ ඌණයක් නම් වී නැත
අහස් ගැබ කළු වලාවන් ගෙන් නපුරු විලසට සැරසිලා
චණ්ඩ ලෙස මාරුතය මිතුවී දෙදෙන එක මගකම ගියා
රුදුරු එළියෙන් මේඝ කුළු හැම පුපුරනා යැයි මා සිතා
බියෙන් වෙව්ලන නෙතින් මාගේ කඳුළු බිදු වැටුනා
කදුළු බිදුවේ ලුණු රසින් මා එක්වරම තිගැසී ගියා
සිතට දැනෙනා අඩුව කිම දැයි එවිට මා හට වැටහුණා
එදා දැනුනේ වැටුනු වැස්සේ රසය නොම බව සිතා
කොහේ සිටියත් නුඹව සොයනට සුවඳ සොයමින් ගියා
දරා ඉද මා නුඹේ කුස මත සෙනෙහෙන් මා හොවා
වේදනා විද බිහිකරේ මා නුඹට මැණිකක් සිතා
නාදුනන ලෙස රැගෙන මා ගිය විටදී වැලපී හඩා
සමාවනු මට ගියේ එලෙසින් මට නොතේරෙන නිසා
මග බලා මෙතවක් කලක් මා නුඹ වෙතට එන තුරා
වැරහිලා නුඹ මවුනි මෙපුතුන් ආවා දෙනවද සමා
ළගට යනතුර හැදින ගන්නට බැරිවුනේ කිම කියා
අසන විට මා දැන සිටියෙ නෑ දෑස් නෙපෙනෙන නියා
වෑදී දුහුවිලි නිල් නෙතේ ඔය දෑස් අද අන්ධව ගියත්
නුඹේ නෙත්යුග මමම වෙන්නම් නුඹෙ ලග මම හිදන්
සේද සළුවන් ලෝම බර වැඩි නිසා නුඹ එය විසිකරත්
සදා ඉන්නම් නුඹේ අසලින් වෙන අතක කිසිදා නොයම්
... නයාගේ වැඩක්....
Friday, December 12, 2014
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment