කවි නිසඳැස් ලියන්න කැමති ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඒවගේම රසවිඳන්න කැමති අයත් ඕන තරම්. කවුරැ කොහොම කිවුවත් හරි රසවින්ඳනය තාමත් අපි ලඟ තියෙනවා. ඒත් ඇයි මෙහෙම මැකෙන්න දෙන්න? අපරාදෙ නිකන් දියකරල දාන්න එපා. ඔයා ලියන එක වචනය උනත්, පුංචි නිර්මාණයක් වුනත් ඔයාට අරන් එන සතුට කොච්චර අහිංසකද කියල ඔයාට දැනෙන්නනම් ලියන්න, තමන් ඉගනගන්න අතරෙ, රස්සාව කරන අතරෙ ඔයාගෙ සිතින් මවන්න ඒ සොඳුරු සිතුවම.
ඒ සිත් සිතුවම. ලියන්න හිතට එන සොඳුරු දේවල්. රැදෙන්න නයා සමඟ.
පුංචි සතුටක් දැනුන වෙලාවක් ගැන ලියවුනු සරල කවි 2 ක් මුලින්ම පෝස්ට් කරන්න හිතුනා. බලන්නකෝ හොදයිද කියලා.
රුදුරු වූ බිම්තෙරට - වැටුනු අක් වැස්ස සේ
මිහිමඬල එකළු කල - තුෂරකර රජිදු සේ...
සසල සිත් නිසල කල - සිහිල් සුෂිරැල්ල සේ..
පෑයුවා නුඹේ වතින් - සිනාවක් පෙර වගේ...
වාවගන්නට නොහැකි සතුටක් - හෘදයේ මා මිමිනුනා..
අදහගන්නට බැරිව ඒ බව - සිහිනයක් යැයි බියවුනා...
හිතාගන්නට නොහැකි මොහොතක - පෑයුවා යලි ඒ.. සිනා...
එපා කිසිදා මෙයින් මතුදා - වසග කරනට නුඹෙ සිනා....
Friday, October 24, 2014
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment