Come Again

This website is still under construction

Awasome another Blog/Web pages in one page

Now you can find awasome blog and web pages.(A2Z valuable sites)

Creative Tutorials

Join with us and Save your valuable time to search any tutorials.(Ps,CD,Ai)

Media link

Happy Cristmas

Sunday, August 19, 2018

සිසිළ ගෙන දෙන පුරා සඳ ලෙස

නභෝතලයම සිඹිමින

සුවඳ ගෙන දෙන කුසුම විලසිට

ලයට මා ලන් කරගෙන

උරස් තලයේ නූඹේ දෑතින්

සිහින් ලෙස පිරිමදිමින

මා ලඟින් සිටි මගේ දෙනුවන


ඇයිද බොඳවී මේ ලෙස...


Monday, March 2, 2015

මට කියන්...?

ඉරි ඇදී ගිය මතක සටහන්
එකින් එක ගෙන අරැත් සෙව්වත්
සොයන්නට බැරි දුක් සුසුම් මැද
තනි වුනාදෝ මට කියන්...?

ඉහවහා ගිය පැතුම් ගඟුලැල්
දෝරෙ ගලනා කඳුළු විලසින්
සදාතනිකව සිදී ගිය විට
දැනුණු දුක නුඹ මට කියන්...?

මගේ  දෙනුවන් තුලින් දකිමින්
නුඹේ ලෝකය ඔහුත් සමගින්
සතුටු ගඟුලේ කිමිදෙනා විට
අන්ද මා කොතැනද කියන්...

- නයා -

Friday, January 16, 2015

රසම රස බීමද - බැලිය යුතුම කරුණු 8 ක්



1.   ජලය පානය කරන්න.
පිපාසයක්, එහෙම නැත්නම් තිබහක් හැදුනාම බොහෝ දෙනා පුරුදුව සිටින්නේ විවිධ පැණිරස බීම වර්ග මගින් එය සංසිදුවා ගන්නයි.  ඒත් ඔබ දන්නවද, ඇගට ගුණයි කටට රහයි කියලා ගන්න බොහෝ බීම වර්ග වල ශරීරයට අවැසි ප්‍රමාණයට වඩා කැලරි අඩංගු වෙනවා. ඇතැම් ශක්තිජනක පානයන්ගේද අතුරු ප්‍රථිපල ඒ වදියම තමයි. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි ශරීරයේ නිසි බර පවත්වා ගනීමට වූවද එය ඉමහත් බාධාවක්. ඒ නිසා තිබහක් හැදුනාම පිරිසිදු ජලය භාවිතා කරන්න. ඒ මගින් තිබහට වගේම සිරුරටත් හොද පිරිපුන් බවක් උදාවේවී.

2.    කොපමණ ජලය ප්‍රමාණවත්ද?
ඔබගේ පිපාසය ඔබටම යහපතක් කරගන්න. ඔබ දන්නවාද? ජලය ශරීරයට ඉතාමත් වැදගත් වන පෝෂකයක්. අප බොහෝ දෙනා අවශ්‍ය ජලය අප ගන්නා ආහාර වලින් වගේම බීම වර්ග වලින් ලබා ගන්නට පෙළබී සිටිනවා. නිරෝගී සිරුරකට අවශ්‍ය ජල ප්‍රමාණය තුලනය කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් ඔබ බොහෝසෙයින් ක්‍රියාකාරීව වැඩ කරනවනම්, අධික උෂ්ණත්ව සහිත ප්‍රෙද්ශයන්හි වාසය කරනවනම්, ඇතිතරම් ජලය පානය කිරීම ඔබට වඩාත් යෝග්‍ය වේ.

3.    කැලරි කළමණාකරණය
දිනපතා ආහාරවේල් අතර කාලය තුලදී ජලය පානය කරන්න. කුඩා දරැවන් මෙන්ම වැඩිහිටියන්ද දිනකට කැලරි 400 ක් පමණ විවිධ පාන වර්ග මගින් ලබා ගන්නවා. ඒ නිසා අනවශ්‍යය ලෙස කැලරි නිපදවීම වලක්වා ගන්නට, පාලනය කරන්නට ජලය පානය කරන්න.

4.    යන එන තැන ලඟ
නිවසේදී වුනත්, කාර්ය්‍යාලයේදී වූවත් තමන්ටම කියා වතුර බෝතලයක් ලඟ තබා ගැනීම තුලින් නිතර ජලය බීමේ පුරුද්ද ඇති කර ගත හැක.  නමුත් මෙහිදී විශේෂයෙන් තමා භාවිතා කරන බෝතලයේ ප්‍රමිතිය පිළිබඳයවද සැලකිලිමත් වීම වඩා වැදගත්ය.








5.    නිවෙස් පසුබිම
ජලය, ඒ වගේම මේදය අඩු හෝ මේදය රහිත කිරි, 100%ක් පළතුරු වලින් සමන්විත යුෂ වර්ග නිවසේදී පහසුවෙන් තබාගතහැකි වන්නා සේම, මිල අධික රසායනික බීම වර්ග ශීතකරණය තුළ තබා ගැනීමට වඩා සම්පුර්ණයෙන්ම පිරිසිදු එළවළු හෝ පළතුරු වලින් සමන්විත විවිධ බීම වර්ග දරුවන්ට පහසුවෙන් සමීප කිරීමට දෙමාපියන් වශයෙන් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.  ශීතකරණයේ තබා ගත හැකි විවිධ පළතුරු යුෂ වර්ග ඒ මගින් හෝ ඔවුන්ට සමීප කිරීම අන්  විකල්පයන්ට වඩා වටිනා බව නම්  නොරහසකි.


6.    අමතක කරන්න එපා
ඔබ කිරි වර්ග හෝ වෙනත් ආදේශක වර්ග තෝරාගැනීමේදී මේදය අඩු හෝ මෙදය රහිත වර්ගම තෝරාගන්නට නිතරම පෙලබීම වඩා සෞඛ්‍යය ආරක්ෂිතය. විවිධ කිරි වර්ග වලින්.කැල්සියම්, විටමින් D , පොටෑසියම් වැනි ප්රධාන පෝෂ්ය පදාර්ථ සපයයි, නමුත් කැලරි සංඛ්යාව ඉතා වෙනස් වේ.
දෛනික කිරි අවශ්‍යයතාව පිළිබඳව සළකා බැලීමේදී, වයසින් වැඩි දරුවන්, තරුණයන්, එසේම වැඩිහිටියන් සඳහා කිරි කෝප්ප 3ක් පමන දිනකට අවැසි වේ. වයස අවු. 4 – 8 අතර දරුවකුට දිනකට කෝප්ප 2.5ක්ද,  වයස අවු. 2 – 4 අතර දරුවකුට දිනකට කෝප්ප 2 ක්ද අවශ්‍යය වේ.

7.    කැමත්තටත් ඉඩදෙන්න.
ජලයම පමණක් නෙමෙයි ඔබේ ආශාවටත් ඉඩදෙන්න. කිසිම වරදක් නෑ තමයි ඒත් ටිකක් ඉන්න කඩෙන් ගන්න බීම වර්ගයේ තියන පොඩිම එක ගන්න. එක්කො වීදුරුවක් බොන්න. හැමදාම කරේ ගොඩක් තියෙන බෝතලේ අරන් බීපු එකනේ. මේ ලිපිය කියවපු එකෙන් පුංචි වැඩක් හරි ගමු. එහෙනම් ඔට්ටුයි හොදේ... මින් පස්සේ බීම තෝරගන්නේ රස බලන්න, එහෙම නැතුව බඩ පිරෙන්න නම් නෙමෙයි. ඕකේ?

8.    විමසිලිමත් වන්න
බීම වර්ග තෝරා ගැනීමේදී තිබෙන පෝෂණ කරුණු ලේබලය භාවිතා කරන්න. සමස්ත සීනි, මේද, කැලරි හා ඔබව වඩා හොඳ තෝරාගැනීම් බවට පත් කිරීමට උපකාරී වන තොරතුරු මෙම ගොනුවේ අඩංගුය.

විවිධ ආහරයන්හි අඩංගු කැලරි ප්‍රමාණය අන්තර්ජාලය ඔස්සේ ඔබට පහසුවෙන් අධ්‍යනය කළ හැක. හැකි සෑම විටම බුද්ධිමත් ලෙස ඔබගේ පාන වර්ග මෙන්ම ආහාර තොරාගන්න. හැමදාම බෙහෙත් බොනව වෙනුවට අපේ රටේ ගහක කොළක මලක රස විදින්නට පුරුදුවී ව්‍යාජ භාවයෙන් මිදී අව්‍යාජ මිනිසුන් වන්නට උත්සහ කරමු.

ලිපියම කියෙව්වනම් හොද නරක පහලින් කොටලා යන්න ඒක අපිට හුඟක් ලොකු පිටිවහලක්. ජය...!


http://www.calculator.net/calorie-calculator.html

Thursday, January 15, 2015

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee)

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee)

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නලවන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි..//

සුමුදු වදන් සවනත පාවේ
බිළිදු ඔබේ තුරුලේ සැතපේ...//
ලෝකය බිහි කළ මවුනි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳියි

හිරු විකසිත වී..

හද මඩලේ සෙනෙහස් කදුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ..//
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී..


ගීතය ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස් (Asanka Priyamantha peiris)

අම්මේ නුඹෙ ඇස්...

අම්මේ නුඹෙ ඇස්...  Amme numbe as

අම්මේ නුඹෙ ඇස් පියවුනු දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ...
අම්මේ නුඹ ලොව නැතිවුනු කාලෙක
කවුරැද දුක සැප විමසන්නේ..


තනි යහනේ මා නිදා සිටින විට
මගේ හිතේ ඇති පාළුව ඔබ දුටුවා
තවමග දිවිමග තනිව නොයන ලෙස
කියමින් රහසින් ඔබ ඉකිබිඳ හැඩුවා

අම්මේ නුඹෙ ඇස්...

මලේ විසල් ගෙයි මලේ බිරිඳ හිඳ
මා සැනසීමයි නුඹ ලබනා සහනේ..
මුණබුරු මිණිපිරියන් වට කරගෙන
ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ

අම්මේ නුඹෙ ඇස්..

ගායනය - විශාරද ගුණදාස කපුගේ.. (Gunadasa kapuge)



Saturday, December 27, 2014

මහ මෙරුව ලෙසේ - පිදු සෙනෙහෙ ඔබේ


හිරු කිරණ පෙරූ
තුරු වියන ලෙසේ
දා කඳුළු පෙරූ
මහ දිරිය ඔබේ
මහ මෙරුව ලෙසේ
පිදු සෙනෙහෙ ඔබේ
ලියනෙම්ද මෙසේ
පන්හිදින් කෙසේ

දුරු කතර ගෙවා
මුළු සසර පුරා
මා ඔබම පතා
ආ බවම සිතා
ඔබෙ දොත පුදා
මට වාරූ දෙවා
ලොව කිරුළු පුදා 
අභිෂේක කළා

හද සිහින විමන් 
ලග පැතුම් පුදා
නෙතු පහන් එළිය 
ගෙන එකළු කරන්
පිතු සෙනෙහෙ ඔබේ
මා හටම පුදන්
ලඟ රැදුනු පිනෙන් 
බුදු වෙනවා නිතින්...!

-----නයා-----

Monday, December 22, 2014

ඇඳිවතද දන්දෙමින්

සළකමින් කළගුණය
පෙර සිටිය  සැකිල්ලට
ඇඳිවතද දන්දෙමින්
නිදහස්ව පාවෙමින්

නොනැවතුණු තන්හාව 
ආයෙමත් ඇතිකරන්
මම කියු නම වෙනස්
කරගමින් ඉපදෙමින්

මිටි මොළව අත් දෙකම 
හිස් බවින් පුරවමින්
එකම මඟ එකම ලෙස
වෙස්මාරු කරගමින්

ආශාව තණ්හාව
හදමලට ලන්කරන්
සැරිසරන අපි කෙසේ 
නවතිම්ද මෙහි ඉතින්..?


-    නයා    -

Friday, December 12, 2014

පිදු ඒ හදවත මිහිමත උත්තම


දිදුලන නෙතුමත නොමැකෙන සෙනෙහස
පිදු ඒ හදවත මිහිමත උත්තම
ඉද විද දුක් ගග රකිමින් බඹ ගුණ
මව්පිය සෙනෙහස නිමි නැත කිසි දින


සෙවිලි කළ පිදුරු ගේ නොමැත දුක පැතිරැණේ
හැලි වලන් පරණ මුත් රසය නැත අඩුවුනේ
හාමතේ ඇද වැටුනු නුඹ දැකයි දුක් උනේ
නුඹ නොකා ඇයිද නුඹ අපේ බඩ පිරවුවේ


වෛවර්න දුක් පැමිණ ඔබ අසල ගැවසුනා
විටෙක දෑතම තබා හිස විඩා නැතිකලා
රීදිවන් හිරු රැසින් මම ලොවම දිනුව දා
රැකගනිමි මගේ පණ නුඹ දෙදෙන මයි සිතා

... නයාගේ වැඩක්....














මග කියූ නුඹ

තනිය නොතනිය කියාගනු බැරි
කණසමක මා තනිවෙලා
මේ කුළුද අඳුරින් වැසෙනවිට
සිහින් එළියක් බැබලුණා
සිතේ තනිකම කඳුළු බිදුහෙම
විඟසින්ම නැතිවී ගියා
නුඹේ තේජස් සිනා එළියෙන්
මගේ වත වුව දිදුළුවා..

දිවාකර නැති තරකපති නැති
මොහොතකදි මට ලංවෙලා
පුංවි එළියත් අරන් ආවද
විලස තරුවක් පායලා
සත්තකින් ඔය ප්‍රභා රශ්මිය
නුඹේ මයි මම සිතුවදා
හැගුනේ නෑ මට නුඹද හිරුගෙන්
යැපෙන තව කෙනෙකුන් කියා
 
... නයාගේ වැඩක්....

-මාරුතය නුඹ-

මාරුතය නුඹ - කරන කරදර
ගන්න ඉවසා - බැරිම තැන මිස
සිඹින්නට නොව - ආවෙ වෙරළට
නොආ බැරිකම - කමට අසරණ

දෙස් දෙවොල් වුව - තියා නුඹ මට
සැඩපරුෂ ලෙස - තියා මෙහි  මා
රැගෙන කුදලා  - ආව කරුමෙට
වන්දි ගෙවනේ  - තනිව මා අද


දුව පනින පුංචි උන් - පෙළයි මා දඬුවමින්
පාගමින් මගේ ගත - නොකල වරදකට අද
මාරුතය නුඹ නිසා - තවම මා දුක් විඳී
වරද මා පිටම දා - නුඹ ඔහේ හමා යයි.

... නයාගේ වැඩක්....

අම්මේ මට සමාවෙන්න

අනෝරා වැහි වැටී දසතින් අදුර වැටෙනා            රෑ              පුරා
ගතම වෙව්ලන සිසිල පරදා තුරුළු කර ලඟ         මා             රඳා
කොහේදෝ සිට පැමිණි කෙනෙකුන් දුහුල් සළුවෙන් මා     ඔතා
නුඹෙන් උදුරා අහිංසක අප  වෙන්  කරන්නට               සැරසුනා

සැර පරුෂ ලෙස ගොරව ගොරවා මා නුඹට ලන් කරගෙන
සිටිය මුත් නුඹ බියවුනා ඒ පිරිස වටවූ  විලසට
නුඹේ සියුමැලි වතම සෝදා මා මුවග රැදි දියබිද
ලුණූ රසක්  සේ  පමණමයි මට හැගවුනේ ඒ මොහොතෙම

පිළුණු වී ගිය කෑම පරදා මියුරු රසයක්            ඇතිවුනා
මඩ කඩිත්තේ වතුර වෙනුවට සුපිරිසුදු දිය       එක්වුනා
කඩ පිලේ වූ සෙවන නිමවී දිව්‍ය විමනක්         ලංවුනා
නමුදු හදවත අඩුවකින් සෑම වෙලාවේදීමි        පසුවුනා

තත්පරද පැය දිනගනන්  හා සති මාස ගතවී        ගෙන
ලොම් වැඩී ගත දිදුලමින් මා හඬද විපරිත වී          ඇත
මිදී සුරතල් කෙළිදොලින්  මට තනිව ඉන්නට වී   ඇත
නමුදු මා හට දැනුණු අඩුවේ ඌණයක් නම් වී      නැත

අහස් ගැබ කළු වලාවන් ගෙන් නපුරු විලසට      සැරසිලා
චණ්ඩ ලෙස මාරුතය මිතුවී දෙදෙන එක මගකම            ගියා
රුදුරු එළියෙන් මේඝ කුළු හැම පුපුරනා යැයි   මා        සිතා
බියෙන් වෙව්ලන නෙතින් මාගේ කඳුළු බිදු         වැටුනා


කදුළු බිදුවේ ලුණු රසින් මා එක්වරම තිගැසී ගියා
සිතට දැනෙනා අඩුව කිම දැයි එවිට මා හට වැටහුණා
එදා දැනුනේ වැටුනු වැස්සේ රසය නොම බව සිතා
කොහේ සිටියත් නුඹව සොයනට සුවඳ සොයමින් ගියා

දරා ඉද මා නුඹේ කුස මත සෙනෙහෙන් මා හොවා
වේදනා විද බිහිකරේ මා නුඹට මැණිකක් සිතා
නාදුනන ලෙස රැගෙන මා ගිය විටදී වැලපී හඩා
සමාවනු මට ගියේ එලෙසින් මට නොතේරෙන නිසා

මග බලා මෙතවක් කලක් මා නුඹ වෙතට එන තුරා
වැරහිලා නුඹ මවුනි මෙපුතුන් ආවා දෙනවද සමා
ළගට යනතුර හැදින ගන්නට බැරිවුනේ කිම කියා
අසන විට මා දැන සිටියෙ නෑ දෑස් නෙපෙනෙන නියා

වෑදී දුහුවිලි නිල් නෙතේ ඔය දෑස් අද අන්ධව          ගියත්
නුඹේ නෙත්යුග මමම වෙන්නම් නුඹෙ ලග  මම     හිදන්
සේද සළුවන් ලෝම බර වැඩි නිසා නුඹ එය      විසිකරත්
සදා ඉන්නම් නුඹේ අසලින්  වෙන අතක කිසිදා    නොයම්

                
                                                ... නයාගේ වැඩක්....

Wednesday, November 19, 2014

Playfull kiss Ost -All Mp3






 http://clip.dj/playful-kiss-ost-song-by-bye-bye-sea-full-download-mp3-mp4-P1z97R-kPjY

Album Name: Playful Kiss OST
Genre:OST
Language:Korean

Track List:

1.Kiss Kiss Kiss - Pink Toniq
2.One More Time - Kim Hyun Joong
3.Will You Kiss Me? - G.NA
4.I Called You - Run
5.Try Again - Pink Toniq
6.Yitaeseong Myself
7.Should I Confess? - Soyu
8.Overture For Playful Kiss - V.A
9.I Love You - V.A
10.Confession - V.A
11.Oh! Chef - V.A
12.Run, Run, Run - V.A
13.Marriage - V.A
14.Love Theme - V.A
15.With Friends - V.A
16.Love Waltz - V.A
17.Campus Life - V.A
18.Love & Sorrow - V.A
19.Shadow - V.A
20.Never More - V.A
21.Excitement - V.A